
සඳ සක්මන් කරමින් මුළු අහසේ,
තරු කැට අතරින් සොයා ඇවිත්,
මගෙ දෝතට ගෙනැවිත් දුන්
පුංචි සුරංගනාවී.........
පුංචි සුරංගනාවී.........
සිඟිති පා පොඩි තබා වැටි වැටි,
මා පසු පස දිව එන විට නුඹ
මහාමෙරක් වාගෙයි මට
පුංචි දෝනියේ.....
අකුරින් අකුරට මුණු මුණු ගා,
නුඹ දොඩනා සොඳුරු වඳන් වැල්,
තනිකම දවනා මගේ හිතට
වැහිදිය දෝතක් වාගේ.......
නිල් තරු කැට ඇස් අග්ගිස්සෙන්,
අහිංසකව නුඹ හිනැහෙන කොට,
දැනෙනව මේ මුළු ලෝකෙම
මට ලැබුනා වාගේ.......
.
.
.
.
.
.
.
.


